18 කණ්ඩායමේ හමුව ජනපතිට කිව්වා - කුරේ

ජන 04, 2019

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමකට තම පරිශ්‍රය ලබාදුන්නේ රහසිගත කුමන්ත්‍රණයක නිරත නොවිමට බව උතුරු පලාත් ආන්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

    එවැනි කුමන්ත්‍රණයක් කිරිමට තරම් තමන් අඳබලයෙකු නොවන බවත් ඔහු අවධාරනය කර සිටි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමක් විසින් ශ‍්‍රී.ල.නි.ප. ය බේදභින්න කිරීමට කුමන්ත‍්‍රණයකරන බවට මතු වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

    පසුගිය දිනවල විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හා සමාජ වෙබ් අඩවි මගින් මා පිළිබඳව ප‍්‍රචාරය කරන ලද පුවතක් සම්බන්ධයෙන් සත්‍ය හෙලිදරව් කිරීම උත්සහ කරන බව ඔහු කියා සිටි.

    රෙජිනෝල්ඩ් කුරේ - ”මගේ නිහඬතාවය, තව තවත් සත්‍ය විකෘති කරමින්, දුෂමාණ ආරංචි පැතිරවීමට තෝතැන්නක් කර ගන්නා බව මට හොඳටම පෙනී ගොස් තිබේ. රෙජිනෝල්ඞ්ගේ නිවසේ 18 දෙනෙකුගේ කණ්ඩායමක් රැස්වී ශ‍්‍රී.ල.නි.ප. ය බේදභින්න කිරීමට, වෙනත් මගක් ගැනීමට යන බව එම ප‍්‍රවෘත්තිය මගින් විද්‍යාමානවේ. කඩුවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පවසන අන්දමට හැඟියන්නේ එම 18 කණ්ඩායමේ පිටුපසින් වසන් වී රෙජිනෝල්ඞ් කුරේ සිටිනා බවයි. මම පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටින්නේ මාගේ පරිශ‍්‍රයක එම සාකච්ඡා වපැවැත්වීමට මා ඉඩදුන්නේ හොර රහසේ වසන් වී කුමන්ත‍්‍රණයක් කිරීමට නොවන බවයි. එවැනි කුමන්ත‍්‍රණයක් කිරීමට අවශ්‍ය නම් එවන් ස්ථානයක කිසිවිටක එම රැස්වීම පැවැත්වීමට තරම්මා අඳ බාලයෙකු නොවේ.කුමන්ත‍්‍රණයක් නම් එම සාකච්ඡාවට පැමිණි සියලූ දෙනාගේ අත්සන් ලේඛනයක් ලබා ගන්නේද නැත.


    මෙම සාකච්ඡාව පිළිබඳව එස්. බී. දිසානායක මැතිතුමා ද මාගෙන් විමසන ලදුව සිදුවන සාකච්ඡාව පිළිබඳව නොසඟවා මා හෙලිදරවු කළේ සැඟවීමට කිසිදෙයක් නොමැති හෙයිනි. ඉන් අනතුරුව අති ගරු ජනාධිපතිතුමා කරන ලද විමසීමට ද මම කරුණු නොවලහා පැවසුවෙමි. 2018 දෙසැම්බර් 18 වන දින සවස 3.15ට රැස්වීම පටන් ගන්නා බ වඅතිගරු ජනාධිපතිතුමාද දැන සිටියහ. මම සවස 3.40ට මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගිවීම සඳහා රැස්විම අතර මැදපිටත්ව ගියෙමි.
    මෙම රැස්වීම පැවැත්විම පිලිබඳව හෝ පවතින දේශපාලන තත්ත්වය පිලිබඳව හෝ චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය මා සමග කිසිවක් සාකච්ඡා නොකළ අතර මා ඇය සමග මේ පිළිබඳව කිසිදු කථා බහක් නොකළ බව ද වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමි.

    ”මවා ගත්, නිර්මාණය කරන ලද, අනුමාන කරන ලද ප‍්‍රබන්ධකරුවන්ට මා විසින් පැවසිය යුතු දෙය නම්, මා කිසි විටක ශ‍්‍රී.ල.නි.ප. ය අත් හැර නොයන බවත්, පක්‍ෂය හමුවේ ඇති සියලූම බාධකහමුවේ නොසැලී සිටින බවත්, ජන හිතකාමී, මානව පේ‍්‍රමී, දේශපේ‍්‍රමී, පරිසර හිතකාමී, පීඩිත පංතීන්ගේ හා ප‍්‍රගිතශීලීන්ගේ පක්‍ෂයක් ලෙස නගා සිටුවීමටත්, ඉදිරියේදී ගොඩ නැගෙන්නා වූ මහා පුළුල් ජාතික සන්ධානයක් වෙනුවෙන් අකලංක සහයෝගය දෙන බවත්, පක්‍ෂයේ නායක අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මුහුණ දෙන සියලූම අභියෝගයන්හිදී එක්ව සිටින බවත් ප‍්‍රකාශ කර සිටිමි. වසර 45ක පමණ දීර්ඝ කාලයක සිට දේශපාලනයේ යෙදී සිටිමා මගේ ජීවිතයේ ඉදිරි කාලය තුළදී ද නව ලිබරල් වාදයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී, නව යටත් විජිතවාදී විරෝධී, විදේශ ගැති භාවයට එරෙහි, ජාතිවාදයට, කුලවාදයට, පවුල්වාදයට, දුෂණයට එරෙහි, ජනසම්මතවාදී, සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින බවද ප‍්‍රකාශ කරමි යැයි“ ඔහු කියා සිටී.

    Latest News