පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජූලි 27, 2020

    දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) මැතිවරණ කොමිසමේ දී පැවැත් වීමට නියමිතව ඇත.

    ඒ සඳහා සියලු පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින් අද පෙරවරු 10.30 මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

    එහිදි නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ඡන්දය ලබාදීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

    එමෙන්ම මෙහිදි ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට නියමිතයි.

    Latest News