රට ශක්තිමත්ව ගොඩනගන්න පොදුජන පෙරමුණට සහය දෙන්න..

ජූලි 26, 2020

    රට ශක්තිමත්ව ගොඩ නැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබා දෙන්නැයි, පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    බදුල්ල ඌව පරණගම ප්‍රදේශයේ ඊයේ සවස පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පල කළේය.

    මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් මෙම ජනහමුව පැවැත්විණ.

    අග්‍රාමාත්‍යවරයා වැලිමඩ, වංගියකුඹුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට ද ඊයේ සහභාගී විය. මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයින් වන හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් ද සම්පත් ජයසුන්දර, සුදර්ශන දෙණිපිටිය, උදිත් ලොකු බණ්ඩාර, ඕෂධී හේවාමද්දුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 13:25

    Latest News