දකුණේ කුඹුරුවලටත් නරක කාලයක්

ජන 04, 2019

    දකුණු පළාතේ වී වගාව ආශ්‍රිතව හඳුනානොගත් රෝගයක් ව්‍යාප්ත වන බව වාර්තා වෙයි.

    ඉන් කුඹුරු අක්කර දෙදහසකට වඩා විනාශ වී තිබේ. මෙම රෝගය නිසා ගස රත් පැහැයට හැරී වී බොල් බවට පත්වන බව ගොවීහු පවසති. මාතර, උඩුවයාය, වැල්ලෙතොට, යටියනයාය, ඌරපොලයාය, පලොල්පිටිය යාය යන ප්‍රදේශවල කුඹුරුවල රෝගය දරුණු ලෙස ව්‍යාප්තව පවතී.

    රෝගය මර්දනයට විවිධ කෘමි නාශක හා පොහොර වර්ග යෙදුව ද ඉන් සාර්ථක ප්‍රතිඵලයක් නැතැයි ගොවීහු පවසති. මේ පිළිබඳ අවධානය යොමු කර ප්‍රදේශයේ වී වගාව ආරක්ෂා කර දෙන ලෙස ඔවුහු බාලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News