හෙරොයින් සහ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පෑලියගෙඩ දී අත්අඩංගුවට

ජූලි 18, 2020

    හෙරොයින් ජාවාරමකට සහ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පෑලියගෙඩ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක හා ගගන යන පුද්ගලයින්ගේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ බවට සැක කෙරේ. පසුගිය වසරේ මහරගම පොලිස් වසමේ දී පිස්තෝලයකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඔහු බව විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

    Latest News