ජනතා හිතවාදී සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙනයාම ඕනෑම රජයක වගකීමක්; අගමැති (වීඩියෝ)

ජූලි 18, 2020
  • ජනතා හිතවාදී සංවර්ධන ව්‍යාපෘති නොනවත්තා ඉදිරියට ගෙනයාම බලයට පත්වන ඕනෑම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ජනතා මුදල් යොදවා සිදු කෙරෙන ව්‍යාපෘති අඩාල කිරීම බලයට පත්වන කිසිදු රජයක් නොකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නුගේගොඩ ගම් සභා හන්දිය ක්‍රීඩා පිටියේ අද පැවති ජන හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, එම පෙරමුණේ අපේක්‍ෂක සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 19:52

    Latest News