හෙරොයින් සහ ගිනි අවි සමග අයෙක් අතුරුගිරියේ දී අත්අඩංගුවට

ජූලි 18, 2020

    අතුරුගිරිය පොලිසිය සිදු කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 860ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ අරංගල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු පදිංචිව සිටි හෝකන්දර නිවස පරීක්‍ෂා කිරීමේදී සඟවා තිබූ තවත් සැකකටයුතු භාණ්ඩ රැසක් සොයා ගැණින.

    යුද හමුදා නිල ඇඳුම් කොටස්, රම්බෝ වර්ගයේ තහනම් ගිනි අවි දෙකක්, ජීව උණ්ඩ දෙකක්, හිස් පතොරම් කොපු 4ක්, ත්‍රිරෝද රථයක් සහ මුදලින් රුපියල් 96,160ක් ඒ අතරවේ. සැකකරු හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවත්, අරංගල, අතුරුගිරිය ප්‍රදේශවල හෙරොයින් බෙදා හරින්නෙකු බව හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

    Latest News