වෘත්තීය විෂය ධාරාව සඳහා ජූලි මස 20 දිනට පෙර අයදුම් කරන්න

ජූලි 17, 2020

    13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත.

    මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි අතර වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාවේ දුරකථන අංක 0112 787136 මගින් විමසීම් කළ හැකිය.

    එමෙන් ම ඒ ඒ පළාත්හි වෘත්තීය විෂය ධාරාව සහිත පාසල්වල පවත්නා වෘත්තීය විෂයයන් පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක අමතා පළාත් සම්බන්ධීකරණ නිලධාරීන් වෙතින් ද ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

    · දකුණු පළාත - චමිල් ගනේගොඩ මයා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) - (091 2233164/070 3017401)

    · උතුරු පළාත - ටී තේවදාස් මයා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) – 077 2342140

    · ඌව පළාත - ඩී එම් ජී කේ දිසානායක මයා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) – 055 2229827/0777 614333

    · මධ්‍යම පළාත - ඒ අබේවික්‍රම මයා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ) 081 2224041/071 9783574

    · උතුරුමැද පළාත-ඊ එම් බී එස් ඒකනායක මිය (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ) 025 2225222 / 0718077583

    · සබරගමුව පළාත - සී ආර් මාතරආරච්චි මිය (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ) 045 2222403/071 8027590

    · බස්නාහිර පළාත - ප්‍රභාත් විතානගේ මයා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ) 011 2883470/0718617295

    · නැගෙනහිර පළාත - එස් ෂාහිඩ් මයා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) 026 2222110/076 4936661

    · වයඹ පළාත - යූ ජී උයන්ගොඩ මයා (නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ) 037 2221362/0718197307

     

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසු දරුවෙකුට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති වෘත්තීය විෂයයන් 26ක් අතුරින්, තමා වඩාත් ප්‍රියකරන වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් තෝරාගැනීමට ද සිසු දරුවන්ට මේ යටතේ හැකියාව ලැබේ.

    දිවයින පුරා සෑම අධ්‍යාපන කළාපයක් ම නියෝජනය වන අයුරින් පාසල් 311ක මේ වනවිටත් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර මේ වසරේ සිට සෑම අධ්‍යාපන කොට්ඨාසයක් ම නියෝජනය වන අයුරින් තවත් පාසල් 112 ක වෘත්තීය විෂය ධාරාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    මෙම වෘත්තීය විෂයධාරාව හදාරන සිසුන් වෙත තමන් තෝරාගන්නා වෘත්තීය විෂය ක්ෂේත්‍රය සම්බන්ධව පාසල තුළ හඳුන්වාදීමේ පාඨමාලා, වෘත්තීය පුහුණු ආයතනයක න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික පුහුණුව සහ රැකියා ස්ථානයකට සම්බන්ධ කර, ලබාදෙන රැකියාගත පුහුණුවක් ද අධ්‍යයන කාලසීමාව තුළ ලබා දෙනු ලැබේ. ජාතික වෘත්තීය පුහුණු නිපුනතා 4 වැනි මට්ටම (NVQ Level 4) සහතිකය වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සෑම සිසුවෙකුට ම හිමිවේ. එමෙන් ම වෘත්තීය පුහුණුවට යොමුවන කාලසීමාව තුළ සිසුන්ගේ දෛනික පැමිණිම අනුව දිනකට රුපියල් 500ක් බැගින් වන දීමනාවක් ද හිමිවේ.

    Latest News