අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ජූලි 20, 2022

    2022 පාසල් වර්ෂය සඳහා පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ බලධාරීන් වෙත උපදෙස් මාලාවක්  නිකුත් කර තිබේ. 

    21 වැනි බ්‍රහස්පතින්දා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුණද, පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ ලබන සඳුදා දිනයේයි. 

    ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී මේ වසරේ පළමු වාරය, 9 වැනි මස 7 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.  දෙවැනි, තෙවැනි වාර පැවැත්වෙන කාලවකවානු ඉදිරියේදී දැණුම් දීමට නියමිතයි.  

    25 වැනි දින සිට සංශෝධිත විෂය නිර්දේශ අනුව, ඉගැන්වීම් කටයුතු සිදු කළ යුතුයි.  එසේ වුවද, පළමු වාර පරීක්‍ෂණය නොපැවැත්වියයුතු අතර,  විෂය ඒකක අවසානයේ තක්සේරුකරණය මගින් සිසුන්ගේ ගැටලු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිපෝෂණ ලබාදියයුතු වනවා.

    එළඹෙන සඳුදා‍ සිට නැවත දැණුම් දෙන තුරු සදුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා යන දින තුනේ පමණක් සාමාන්‍ය වේලාවන්හි පාසල් පැවැත්වියයුතු වනවා.   පාසැල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා නිවෙස් පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කළයුතුයි.  පාසල් පැවැත්වෙන දින 3 තුළ සියලුම විෂයන් ඉගැන්වීම් පරිදී විශේෂ කාලසටහනක් සකස් කළ යුතුයි. 

    දෛනික පාසල් පැමිණීම සිසුන් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියමිත වේලාවට පැමිණීම අනිවාර්ය වුවද, සාධාරණ හේතු මත සිදු වන නොපැමිණීම හා ප්‍රමාද පැමිණීම ඔවුන්ට අපහසුතාවක් නොවන පරිදි කටයුතු කළයුතුයි.  පාසල්වල උත්සව පැවැත්වීම හා වෙනත් බාහිර කටයුතු පැවැත්වීම පිළිබඳවද උපදෙස් නිකුත් කර තිබෙනවා. 

    Latest News