අඟුලා සිද්ධියට 14ක් අත්අඩංගුවට

ජූලි 17, 2020

    අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසුරුණු කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සිද්ධියෙන් පොලිස් නිලධාරින් 08 දෙනෙකු ද තුවාල ලබා ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (17) මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    අඟුලාන පොලිස් ස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (16) පස්වරුවේ ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

    Latest News