නාකොටික් ජාවාරම ගැන සිවිල් වැසියන් 4කගෙන් ප්‍රශ්න කෙරේ

ජූලි 14, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් සිව් දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.

    අද උදෑසන ඔවුන් පැය එක හමාරකට අධික කාලයක් අදාළ රහස් ප්‍රකාශය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

    ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ සිවිල් පුරවැසියන් සිව් දෙදෙනෙකුගෙන් මෙම ජාවාරමට අදාළව ඔවුන් දන්නා තොරතුරු අනාවරණය කිරීමට අද පෙරවරුවේ සිය නිල මැදිරියට ඉදිරිපත් කරන ලෙසයි.

    ඒ අනූවයි, අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත්වරයා සාක්ෂිකරුවන් අද සිය නිල මැදිරියට කැඳවා අදාළ රහස් ප්‍රකාශ ලබා ගත්තේ.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 12:18

    Latest News