නාකොටික් පොලිස් පරීක්ෂක අල්ලන්න මහජන සහය පතයි

ජූලි 07, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු කෙරෙන විමර්ශනයකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය ජනතාවගේ සහය අපේක්ෂා කරයි. ඔහු පිළිබඳ තොරතුරු දන්නේනම්, 071-8591767 / 011-2422176 යන දුරකථන අංක වෙත දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම් දෙයි.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටියි.

    ඊට අදාළව පොලීසියට අවශ්‍යව තිබෙන්නේ, මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයායි. ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කර දැනට සැගව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු බව පොලිස් මූලස්ථානය පවසයි.

    වෙහෙරවත්ත කංකානම්ලාගේ සමන් වසන්ත කුමාර, අංක 189, කිරිකිත්ත,වැලිවේරිය ඔහුගේ ලිපිනයයි. සැකකරුගේ වයස අවුරුදු 49ක්. මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 071-859 17 67 සහ 011- 24 22 176 යන දුරකථන අංක මගින් දැනුම් දෙන ලෙස ජතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    Latest News