පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව සිදුකරන විමර්ශනයේ තවත් සැකකරුවක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් සිව් දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12දෙනා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු කෙරෙන විමර්ශනයකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය ජනතාවගේ සහය අපේක්ෂා කරයි. ඔහු පිළිබඳ තොරතුරු දන්නේනම්, 071-8591767 / 011-2422176 යන දුරකථන අංක වෙත දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම් දෙයි.

Latest News