කන්දඋඩරට ලේකම්ගෙන් සේනාට තහනමක්

ජන 03, 2019

    නුවරඑලිය දිස්ත්‍රික්කයට බඩ ඉරිගු ගස් ප්‍රවහනය කිරිමේදි නිසි ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් විසින් කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාව වෙත දැනුවත් කර තිබේ.

     නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ සහ පෞද්ගිලක අංශයේ සත්ත්ව ගොවිපොලවල් සඳහා සත්ව ආහාර පිණිස පිට පලාත්වලින් බඩ ඉරිගු ගෙනඑනු ලැබේ. එසේ ගෙන එමේදි නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරිමට අවධානය යොමු කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුවත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි. රූපවාහිනි හැටන් වාර්තාකරු රන්ජිත් රාපක්ෂට ප්‍රකාශ කර ඇත.

    මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවා නුවරඑලිය දිස්ත්‍රික්කයේ එළවළු වගාවට සහ තේ වගාවට බෝවිමේ අවධානමක් පවතින නිසා එම අවධානම පිලිබදව කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාව දැනුවත් කිරිමට පියවර ගත් බවයි.


    නුවරඑලිය දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ සත්ව ගොවිපොලවල් වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බඩ ඉරිගු ගස් විශාල වශයෙන් ලොරි රථ මගින් ප්‍රවහනය කරන බව වතු අධිකාරිවරුන් කියා සිටී. සතුන්ට ආහාර පිණිස එසේ ප්‍රවහනය කරන බඩ ඉරිගු ගස්වල සිටින සේනා දළඹුවන් සිඝ්‍රයෙන් කන්ද උඩරට තේ වගාවට සහ එළවළු වගාවට බෝවිමේ හැකියාවක් ඇති බවද තු අධිකාරිවරුන් කියා සිටියි. සතුන්ට ආහාර පිණිස ප්‍රවහනය කරන බඩ ඉරිගු ගස් කෘෂිකර්ම නිලධාරින්ගේ දැඩි පරික්ෂාවකට ලක් කර ප්‍රවහනය කිරිමට බලපත්‍රයක් ලබා දිය යුතු බවට වතු අධිකාරිවරුන් ඉල්ලා සිටිති.

    සේනා දළඹුවන් සහිත බඩ ඉරිගු ගස් තොගයක් බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොලට කුරුණැගල ප්‍රදේශයේ සිට ප්‍රවහනය කිරිමට සැලසුම් කර තිබියදි අමාත්‍යය පි.හැරිසන් මහතාගේ සහ ජාතික පශු සම්පත් මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයාගේ මැදිහත් විමක් මත පසුගියදා නතර කරනු ලැබිණ.

    sena1 px 900 19 01 03

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 12:01

    Latest News