අඟුලාන වෙඩි තැබීම; පොලිසියේ 3කගේ වැඩ තහනම් (වීඩියෝ)

ජූලි 12, 2020
  • අඟුලාන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය අද පියවර ගත්තේය.

    පසුගිය 10 වැනි දින ලුනාව ප්‍රදේශයේ මාරක මාර්ග බාධකය අසලදී අඟුලාන පොලිස්ථානයේ නිලධාරීන් විසින් පුද්ගලයෙකුට වෙඩි තබන ලද අතර ඉන් එම පුද්ගලයා මරණයට පත්විය. ඊට අදාළව එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරින් තිදෙනා සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමය පරිදි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කරනු ලැබීය.

    එම විමර්ශනයේ දී හෙළිදරව් වූ කරුණු අනුව පොලිස් සැරයන්, පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියදුරු යන නිලධාරින් තිදෙනා අද සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර තිබේ. මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හෙට පැවැත්වීමට නියමිත මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබාදීමට අදාළ නිලධාරින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 19:27

    Latest News