තවත් කදුකර දිවියෙක් මන්දකට හසුවෙයි (වීඩියෝ)

ජූලි 12, 2020
  • වන සතුන් දඩයම් කිරිම සඳහා අටවා තිබු මන්දකට පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියෙකු මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාල පැවසිය.

    ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කනිල්වර්ක් වත්ත පළමු කොටසේ වතු නිවාස පේලියට පිටුපස ලදු කැලැවකයි දිවියා අද (12) දින අලුයම මන්දට හසු වි ඇත්තේ.

    තේ වත්තේ සැරිසරන වන සතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට දිවියා හසු වි ඇති බවත් , මන්දට හසු වු දිවියා නිර්වින්දනය කර මුදා ගැනිමට අවශ්‍ය කටයුතු කර ඇති බවත් වාර්තාවේ.

    තේ වත්තේ සැරිසරන වන සතුන් දඩයම් කිරිම සදහා වතු කම්කරුවෙකු අටවන ලද මන්දකට දිවියා හසු වි ඇති බවත් , තේ වතු ආශ්‍රිතව අටවා ඇති මදු ගලවා ඉවත් කිරිමේ ව්‍යපෘතියක් මේ වන විටත් වතුකරය පුරා වනජිවි දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කර ඇත.

    ගොදුරු සොයා තේ වත්තේ සැරිසරන දිවියන් පසුගිය කාලයේ මෙසේ මදුවලට හසු වි සිටියදි ඉන් දිවියන් කිහිපදෙනෙකු මුදා ගැනිමට වනජිවි නිලධාරින් සමත් වු අතර මෙසේ මදුවලට හසු වි සිටි කළු කොටියෙක් ඇතුළු දිවියන් කිහිපදෙනෙකු ජිවිතක්ෂයටද පත් විය.

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 19:09

    Latest News