වැල්ලවායේ රිය අනතුරකින් තිදෙනකු මරුට

ජූලි 10, 2020

    වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම යුදහමුදා කදවුර ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.

    තිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ තිරෝද රථයේ ගමන්ගත් සිව්දෙනාගෙන් තිදෙනකු බව වැල්ලවාය පොලිසිය පැවසීය.

    මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72, 41, සහ 37 වන නැමැති අය බව පොලිසිය පැවසීය. අනතුරින් තුවල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර ඒවනවිටත් ඉන් තිදෙනකු මියගොස් සිටි බවත් තවත් අයෙක් මොනරාගල මහරෝහලට මාරුකර යැවූ බවත් වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව මහතා පැවසීය. ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසනඅතර එම රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මලසිරුර වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.

    Latest News