ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා සඳහා සිංගප්පූරුවට ද අවසර

ජූලි 10, 2020

    ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලිකක විද්‍යාලයේ පාඨමාලා හැදෑරීම සඳහා 2021 වසරේ සිට සිංගප්පූරුව සඳහා ද අවස්ථාව ලබා දී තිබේ.

    මීට පෙර 2009 වසරේ සිට විදේශීය රටවල හමුදා නිලධාරීන්ට මෙම අවස්ථාව විවෘත කෙරුණු අතර ආසියානු, මැදපෙරදිග, යුරෝපීය හා‌ අප්‍රිකානු රටවල්‌ නියෝජනය කරන නිලධාරන්ට ගෙවීම්‌ පදනම මත අවස්ථා 12ක්‌ සහ ගෙවීම්‌ රහිතව අවස්ථා 30ක්‌ ලබා දී තිබේ.

    ත්‍රිවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලිසියේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ට මෙන්ම රාජ්‍ය ආයනනයන්හි විධායක නිලධාරීන්ට ද මෙහි පුහුණුව ලබා දෙනු ලබයි. ඒ අනුව සිංගප්පූරුව සඳහා ද එක් පාඨමාලාවක් සඳහා ගෙවීමෙන් තොරව හා ගෙවීමේ පදනම මත තවත් එක්‌ පාඨමාලාවකට ද අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමව තිබේ.

    එම යෝජනාව ඉදිරිපත්‌ කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසිනි.

    Latest News