කොස්ගොඩ තාරකගේ ප්‍රධාන සහයක, කලුමල්ලී අත්අඩංගුවට

ජූලි 10, 2020

    දැනට රිමාන්ඩ් බාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී” අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (09) රාත්‍රී 9.30ට පමණ මුල්ලේරියාව පොලිස් වසමේ මිහිරි පෙදෙසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 230ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    ඔහුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8ක මුදලක් සංසරණය වී ඇති බව පොලීසි පවසයි.

    සැකකරු අද(10) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News