තවත් ආසාදිතයින් 12කට සුවයි

ජූලි 09, 2020

    අද (09) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1979ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 13 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, වෛරසය ආසාදිතව සිටි නාවිකයින් 894 දෙනෙක් මේවන විට පූර්ණ සුවය ලබා ඇති බවයි..

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 14:44

    Latest News