මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2094ක්

ජූලි 09, 2020

    තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඔහු ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    ඊයේ සවස වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 12ක් වාර්තා විය. අනතුරුව නව ආසාදිතයා සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,094ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 116ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. සුවය ලැබූ සංඛ්‍යාව 1,967ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 09:26

    Latest News