තවත් කොරෝනා ආසාදිතයින් 9ක් වාර්තා වෙයි

ජූලි 08, 2020

    සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 9 දෙනෙක්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව අද (08) සවස හඳුනාගෙන තිබේ.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2093 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැණුනි. සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 1967 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

    ආසාදිතයින් 115 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    Latest News