මෙරට සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් යළි එරටට

ජූලි 08, 2020

    මෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙක් ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ.

    අද උදෑසන 9.50ට පමණ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 282 දරන විශේෂ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන්, නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

    ඉන්දීය සේවයට අයත් ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරට ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් 23 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    Last modified on බදාදා, 08 ජූලි 2020 12:45

    Latest News