සුවය ලැබූ නාවික සාමාජිකයින් ගණන 848ක්

ජූලි 02, 2020

    නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 848ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් හය දෙනෙක් සුවය ලැබීමත් සමගයි. වෛරසය ආසාදිතව සිටි 904ක් වන නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 62ක්.

    මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2054ක් වන අතර ඉන් 1748 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 10:00

    Latest News