ලොව සියලු රටවල් කොවිඩ්19 නිසා පීඩා විඳිද්දී අප රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇත - ජනාධිපති

ජූනි 24, 2020

    ලෝකයේ සියලුම රටවල් කොවිඩ්19 උවදුරින් දැඩි ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රටේ සාධණීය ජයග්‍රහණයක් ලබා ඇති බව ජනාධිපති තුමා සඳහන් කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කරන්නේ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින්.

    කොවිඩ්19 රෝගය සම්පූර්ණයෙන්‌ ලොවෙන්‌ තුරන්‌ වී නැති බැවින්‌ නොසැලකිලිමත්‌ ලෙස කටයුතු කිරීමෙන්‌ නැවතත්‌ රෝගය පැතිරයාමේ අවධානමක්‌ පවතින බවයි, ජනාධිපතිතුමාගේ ට්විටර්‌ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එබැවින්‌ තවදුරටත් ‌ සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස්‌ මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන්‌ ඉල්ලා සිටිනවා.

    Latest News