සියලු මරණවලදී PCR අනිවාර්ය ‍නැහැ..

පෙබ 16, 2022

    පුද්ගල මරණවලදී සිදුකරනු ලබන PCR පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

    ඒ අනුව රෝහල් තුලදී හෝ ඉන් පිටත සිදුවන පුද්ගල මරණ සම්බන්ධයෙන් මේ දක්වා පැවති අනිවාර්ය PCR පරීක්ෂණ ක්‍රමවේදය ඉවත් කර ඇත.

    නව මාර්ගෝපදේශ මාලාවට අනූව, පුද්ගල මරණයකදී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අභිමතය අනුව පමණක් PCR පරීක්ෂණය සිදුකළ හැකියි.

    එහිදී මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත්, ඔහුගේ අවසන් කටයුතු දැනට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකළ යුතු බවත් නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙයි.

    1

    Last modified on බදාදා, 16 පෙබරවාරි 2022 12:12

    Latest News