පරාජයට මුහුණ දිය නොහැකි අය රටක නායකත්වයට සුදුසු නැහැ - අගමැති (වීඩියෝ)

ජූනි 24, 2020
  • පරාජයට සාර්ථකව මුහුණ දිය නොහැකි පුද්ගලයින් රටක නායකත්වයට සුදුසු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සැබෑ නායකයින් ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි පෞරුෂත්වයකින්‌ හෙබි පුද්ගලයන්‌ විය යුනු බවයි.

    මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස්‌ පළ කළේ, කුලියාපිටිය ලබුයාය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදී. කුරුණෑගල දිස්ත්‍රික්‌ කණ්ඩායම්‌ නායක අමාත්‍ය ජොන්ස්ටන්‌ ප්‍රනාන්දු, දිස්ත්‍රික්‌ අපේක්‍ෂක සමන්ප්‍රිය හේරත්‌ යන මහන්වරුන්‌ ඇතුළු පිරිසක්‌ මේ අවස්ථාවට එක්ව සිටියා.

    එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහනා සහභාගි වූ තවත්‌ ජන රැලියක් කුරුණෑගල උඩුබද්දාව ගම්මානයේදී ඊයේ පැවැත්වුණා. දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේක්‍ෂකයින්‌ ද මීට එක්ව සිටියා. අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන්‌ ඉල්ලා සිටියේ, මීළඟ පාර්ලිමේන්තුව සඳහා වැඩක් කළ හැකි, රට වෙනුවෙන්‌ කථා කරන මන්ත්‍රීවරුන්‌ පත් කිරීමට ක්‍රියා කරන ලෙසයි.

    Last modified on බදාදා, 24 ජූනි 2020 20:04

    Latest News