කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ, කන්දේපිටවල වැවේ මංගල දියවර නිකුත් වෙයි

ජූනි 24, 2020

    කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙන් පෝෂණය වන කන්දේපිටවල වැවේ මංගල දියවර ඊයේ නිකුත්‌ කෙරුණා.

    මෙමගින්‌ කුඹුරු අක්කර 1800 කට යල මහ දෙකන්නයේම ජලය සැපයෙනවා.

    දියවර නිකුත්‌ කිරීම සිදුවුයේ, මහවැලි අධිකාරයේ අධ්‍යක්ෂ ජනරාල්‌ සුනිල්‌ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්‌. කළු ගඟ ජලාශයේ සිට කිලෝමීටර 13 ක්‌ දිග ඇල මාර්ගයක්‌ ඔස්සේ රැගෙන එනු ලබන ජලය කන්දෙපිටවල වැවට එක්රැස්‌ කර ඇල මාර්ග ඔස්සේ බෙදා හැරෙනවා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිසා ගම්බිම් අහිමිව තෝරපිටිය, මාඔය, දේවාලදෙණිය හා කජුවත්ත යන ප්‍රදේශවල අලුතින් පදිංචි පවුල් 1200කට පමණ මෙමගින් සෙත සැලසෙනවා.

    Latest News