පසුගිය අණ්ඩුව කිසිදු සැලැස්මක් හෝ දර්ශනයක් නොමැතිව රට පාලනය කළා - අගමැති (වීඩියෝ)

ජූනි 23, 2020
  • පසුගිය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කිසිදු සැලැස්මක් හෝ දර්ශනයක් හෝ නොමැතිව රට පාලනය කළ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එවැනි පිරිසක් යළි පාර්ලමේන්තු බලය ඉල්ලීම විහිළුවක් බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු අපේක්‍ෂකයින් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ජනහමුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය වසර 05 අපතේ ගිය කාලයක් බවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජන හමුවක් කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේදී අද පැවැත්විණ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රණවීර බණ්ඩාර, යසනාත් කෝසල, ලිවේරා ගුණතිලක යන අපේක්‍ෂකයන් ද ඊට එක්ව සිටියහ.

    කුරුණෑගල, තලවත්තේ ගෙදර ජනහමුව පැවැත්වුණේ ද මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ටිකිරි අධිකාරි මහතා මෙම ජනහමුව සංවිධාන කළේය. ශ්‍රී ලංකාව සියලු ජනකොටස්වල නිජභූමිය බව ජනහමුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 23 ජූනි 2020 20:14

    Latest News