මදුවලට හසුව සිටි කොටි දෙදෙනෙකු කොත්මලේ (වීඩියෝ)

ජූනි 23, 2020
  • එකම ස්ථානයකදී මදුවලට හසුව සිටි කොටි දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩු කොටසේ දී අද හමුවිය.

    එම කොටියන් සොයා ගන්නා විටත් එක් කොටියෙකු මද්දට හසුව මියගොස් සිටියේය. අනෙක් කොටියා තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවිය. මියගිය කොටියා අඩි 06ක් පමණ දිග, තරුණ වයසේ පසුවූ නිරෝගී සත්වයෙකු බවයි. වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළේ, අනෙක් කොටියා නිර්වින්දනය කොට ප්‍රතිකාර සඳහා නුවරඑළිය වනජීවි කාර්යාලයට රැගෙන යනු ලැබීය. දඩයක්කරුවන්, වනසතුන් දඩයම් කිරීමේ අරමුණින් අටවා තිබූ මදුවලට මෙම කොටි දෙදෙනා හසුවී තිබේ. මෑත කාලයේ මදුවලට හසුවීමෙන් දුර්ලභ ගනයේ කළු කොටියෙකු ඇතුළු කොටි කිහිප දෙනෙකු මියගියේය.

    Last modified on අඟහරුවාදා, 23 ජූනි 2020 20:25

    Latest News