දේශීයත්වය සහ සංස්කෘතික හර පද්ධතිය සුරැකෙන මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ජූනි 23, 2020

    දේශීයත්වය සහ සංස්කෘතික හර පද්ධතිය සුරකින හරවත් මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. නවීන තාක්ෂණය පදනම් කොටගත් රූපවාහිනී කලාවක් වෙනුවෙන් කළ යුතු වෙනස්කම් සහ දැනුම ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් සම්පාදනයේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. මැතිවරණයට පෙර ජනතාවට ඉදිරිපත් කළ “සෞභාග්‍ය යේ දැක්ම” ප්‍රතිපත්ති ප්රරකාශය ජනතාවගෙන් අතිමහත් බහුතරය පිළිගත්හ. එබැවින් තමප්රිතිපත්තිය හුවා දැක්වීම නොව තම රජය ඉටු කරමින් සිටින ප්රසතිපත්ති ප්ර කාශයේ සඳහන් දර්ශනය ජනතාව වෙත රැගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය. විදේශීය වැඩසටහන් විකාශය සඳහා තෝරා ගැනීමේ දී අනුගමනය කළයුතු විධිමත් වැඩපිළිවෙළක අවශ්යඳතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ස්වාධීන රූපවාහිනී මාධ්ය් ජාලයේ වත්මන් තත්වය, ඉදිරි ක්රියයාකාරිත්වය සහ සැලසුම් පිළිබඳව ද සමාලෝචනය කෙරිණි. ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්යරක්ෂ හසන්ත හෙට්ටිආරච්චි, ප්රතධාන විධායක නලින් කුමාර නිශ්ශංක යන මහත්වරු සහ අධ්ය්ක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ජ්යෙනෂ්ඨ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News