සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන්

ජූනි 23, 2020

    සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වැනි දා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබයි.

    මෙරට සියලු පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

    ඒ අනුව, රක්ෂණ ප්‍රතිලාභ සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභ අයදුම්පත් හා අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි ඕනෑම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාවක් වෙත පැමිණ හෝ තැපෑලෙන් ලබාදිය හැකිය.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 0112 357 357 යන දුරකථන අංකය හෝ සුරක්ෂා සේවාව සඳහා ම වෙන්වූ විශේෂ වූ දුරකථන අංක 0112 319 015 / 0112 319 016 හෝ 0112 319 017 ඇමතීමෙන් ලබාගත හැකි ය.

    Latest News