නාවික හමුදාව තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටියි. එලෙස නැගෙනහිර නාවික විධානය විසින් කින්නියා පොලිසිය හා එක්ව 2020 ජූලි 22වන දින සිදුකළ එක් සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් නමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
තවද එදිනම ශ්‍රී ලංකා නාවික හමුදාව තඹලගමුව පොලිසිය හා එක්ව සිදු කළ තවත් එක් සෝදිසි මෙහෙයුමකදී විකිණීමට සූදානමින් කේරල ගංජා ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් ලොරි රථයක රුගෙන යමින් සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 31 ත් 40 ත් යන වයස්වල පසුවන කින්නියා, කන්තලේ සහ කලුතර යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද තහනම් මත් ද්‍රව්‍ය සහ එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු කින්නියා සහ තඹලගමුව පොලිස් ස්ථානයන් මගින් සිදු කරනු ලබයි.