රජයේ සියලු පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක “සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන” අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වැනි දා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබයි.

සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් පටු දේශපාලන අරමුණුවලින් බැහැර ව ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට තීරණය කෙරේ.

2019 ඔක්තෝම්බර් මස 31වැනිදා වන විට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ 40,125 දෙනෙකුට රුපියල් මිලියන 1,759 ක මුදලක් ප්‍රතිලාභ වශයෙන් ගෙවා අවසන් කර තිබේ.

සුරක්ෂා රක්ෂණය 2019 වසර සදහා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට අත්සන් කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරිණ.

2018/2019 වර්ෂය සඳහා සුරක්‍ෂා සිසු ආවරණ රක්‍ෂණායතනය තෝරා ගැනීම ජනාධිපති ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීරණයක් බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Latest News