“සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන” අඛණ්ඩව ඉදිරියටත්

ජූලි 06, 2020

    රජයේ සියලු පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක “සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන” අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව, මෙතෙක්‌ ප්‍රතිලාභ සඳහා අයදුම්පත්‌ ඉදිරපත්‌ කර නොමැති ප්‍රතිලාභ අපේක්‍ෂකයින්‌ විසින්‌ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත කලාප අධ්‍යාපන කර්යාලය වෙන හෝ අධ්‍යපන අමාත්‍යංශය වෙත යොමු කළ යුතුයි. මේ පිළිබඳ තොරතුරු හෝ කිසියම්‌ ගැටලුවක්‌ ඇත්නම්‌ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ 0112 357 357 යන දුරකතන අංකයෙන්‌ විමසිය හැකියි. එමෙන්ම සුරක්‍ෂා සේවය සඳහා වෙන් වූ විශේෂ දුරකතන අංක වන 0112 319 015, 0112 319 016 හෝ 0112 319 017 දුරකතන අංක ඇමතීමෙන් ද තොරතුරු ලබාගත හැකියි. අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ දුරකතන අංක 0112 754 163, 0112 784 872 හෝ 0113 641 555 මගින්ද විමසිය හැකියි.

    Latest News