ඊයේ මෙරටින් කොවිඩ්19 රෝගින් 1යි

ජූනි 23, 2020

    ඊයේ මෙරටින් කොවිඩ්19 එක් රෝගියෙකු පමණක් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,526ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1951කි. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 414ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 31 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News