ආගමකට හෝ ආගමික නායකයෙකුට හෝ ගරහනවා නම් එය පිරිහිමේ ආරම්භයයි - අගමැති (වීඩියෝ)

ජූනි 22, 2020
  • ආගමකට හෝ ආගමික නායකයෙකුට හෝ ගරහනවා නම් එය පිරිහිමේ ආරම්භය බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    කුරුණෑගල වඳුරාගල අද පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ අරමුණින් රැස්වීම පැවැත්විණ. එය සංවිධාන කළේ, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක ජයරත්න හේරත් මහතායි. කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල හෙට්ටිපොලදී පැවැත්විණ. එය සංවිධාන කළේ, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතායි. ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂ යෙන්ම ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමු විය යුතු බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, තවත් ජන රැලියක් කුරුණෑගල, හිරිපොකුණ, හෙට්ටිපොළ ගම්මානයේ දී අද පැවැත්විණ. එය සංවිධාන කළේ, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක ගුණපාල රත්නසේකර මහතායි.

    Last modified on සදුදා, 22 ජූනි 2020 20:20

    Latest News