ජාතික උද්‍යාන 11ක් අද සිට විවෘතයි (වීඩියෝ)

ජූනි 22, 2020
  • මෙරට ප්‍රධාන ජාතික උද්‍යාන 11ක් අද සිට දෙස්-විදෙස් සංචාරකයින්ට විවෘත කර තිබේ.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජාතික උද්‍යාන සහ අනෙකුත් වනජීවි රක්‍ෂිත භූමි තෙමසක පමණ කාලයක් වසා දැමිණ.

    වන උද්‍යාන සංචාරකයින්ට විවෘත කිරීම යටතේ පසුගිය 15 වැනිදා යාල, විල්පත්තු, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල, නිලාවැලිය පරවි දූපත් හා නුවරඑළිය හෝටන්තැන්න විවෘත කෙරිණ. බූන්දල, හොරොගොල්ල, ලුණුගම්වෙහෙර, ගල්ඔය, කුමන, අංගම්මැඩිල්ල, ගැල්වෙස්ට් ප්ලෑන්, මාදුරු ඔය, ලාහුගල, හික්කඩුව හා වස්ගමුව යන උද්‍යාන අද සංචාරකයින්ට විවෘත කෙරිණ.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යාන ද විවෘත කර ඇති අතර වනජීවි නිලධාරීන් පවසන්නේ මේ දිනවල වනසතුන් රංචු ගැසෙමින් නිදහසේ සැරිසරනු දක්නට ලැබෙන බවයි. බොහෝ සතුන් තෙමසක පමණ කාලයක් තමන්ට රුචි අයුරින් නිදැල්ලේ හැසිරීම දක්නට තිබූ බවත්, එම චර්යාවන් දැනුදු දක්නට ලැබෙන බවත්, වනජීවි නිලධාරීන් පවසයි.

    වනසතුන් නැරඹීමේදී ලබා දී ඇති උපදෙස් තිරයේ අනුගමනය කළ යුතු බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදවලට යටත්ව එය සිදු කළ යුතු අතර, ඊට අදාළ පත්‍රිකා ප්‍රදර්ශනය කර තිබේ.

    Last modified on සදුදා, 22 ජූනි 2020 20:16

    Latest News