මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත් කුඩු ජාවාරමක් හෙළිවෙයි

ජූනි 21, 2020

    මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මත් කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය කටයුතු කර තිබේ.

    කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙක් ඊයේ (20) සවස සීදුව, ධීවර තොටුපළ මාර්ගයේ දී හෙරොයින් ග්‍රෑම් 100ක් හා කේරළ ගංජා ග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගැනිණ.

    ඔහුගෙන් කරන ලද වැඩිදුර විමර්ශනවල දී මීගමුව බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙයවන රැඳවියෙකුගේ බිරිඳ හා සහෝදරයෙකු අත්අඩංගුවට ගැනිණ. ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් ද සොයා ගැනිණ.

    බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙයවන පිරිස් නිරන්තරයෙන් ජංගම දුරකථනයෙන් ඉහත සඳහන් කළ සැකකරු හා ඔහුගේ බිරිඳට ඇමතුම් ගන්නා බවත් ඔහුගේ උපදෙස් මත මෙම පුද්ගලයින් විසින් මත්ද්‍රව්‍ය විවිධ පුද්ගලයින් වෙත රැගෙන ගොස් භාර දෙන බවටත් අනාවරණය වී ඇත.

    ඉන් ලැබෙන මුදල් ජාවාරම්කරුගේ බිරිඳගේ ගිණුමකට බැර කරන බවත් තහවුරු වී තිබේ.

    Latest News