ආධාර රැගත් දුම්රියක් කිලිනොච්චියට

දෙසැ 30, 2018

    අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට ආධාර රැගත් දුම්රියක් ජනවාරි පළමුවැනි දින කොළඹ කොටුවේ සිට කිලිනොච්චිය දක්වා ගමන් කරන බව “සුරකිමු දුම්රිය“ ව්‍යාපාරය පවසයි.

    ඊට ආධාර බාරදීමට ජනතාවට ද අවස්ථාව ලබාදී තිබේ. එම දුම්රිය රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, මහව සහ අනුරාධපුර යන දුම්රිය ස්ථානවල නතර කෙරේ.

    එහිදී එම ජනතාවට අවශ්‍ය ආධාර බාරදිය හැකියි. ඊට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මාධ්‍ය අංශයේ සම්බන්ධීකරණයෙන් තවත් දුම්රියක් හෙට දහවල් 2.15ට මාතරින් පිටත්වීමට නියමිතයි. එම දුම්රියට ද ආධාර බාරදීමට හැකියාව පවතී.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News