රගර් ක්‍රීඩකයාගේ මරණය ගැන පරීක්‍ෂණ

දෙසැ 30, 2018

    කොම්පඤ්ඤ වීදියේ ගොඩනැගිල්ලක විදුලි සෝපානය කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවෙකු යෙදවා පරීක්‍ෂණයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය. 

    එහිදි අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා “අදාළ මරණය සමාජ ශාලාවේ නොසැලකිලිමත්කම නිසා සිදුව ඇත්නම් ඒ පිළිබඳව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසටයි පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ.

    අදාළ විදුලි සෝපානය නඩත්තු කරන ආයතනයෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. සෝපානය පළමු මහලේ සිට බිම් මහලට කඩා වැටී ඇත්තේ එහි ප්‍රමාණය ඉක්මවා පිරිසක් ගමන් කිරීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

    විදුලි සෝපානය කඩා වැටීමෙන් මියගියේ ප්‍රකට රගර් ක්‍රීඩකයෙකු වූ මාකෝ නමින් හඳුන්වන කෝකිල නමැති තරුණයෙකි. 24 හැවිරිදි ඔහු සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. රගර් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස තරග කරයි. බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි රගර් ක්‍රීඩකයා පෙරේදා රාත්‍රී නවම් මාවතේ මහල් ගොඩනැගිල්ලක 9වන මහලේ පිහිටි ඇමියුසියම් නමැති සමාජ ශාලාවට ගොස් තිබේ. පසුව යළි නිවස බලා යාමට පැමිණි අවස්ථාවේ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි.

    සිද්ධියෙන් විදුලි සෝපානයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 14:09

    Latest News