“සුවසැරිය“ ගිලන් රථ සේවාව දැරණියගලට

දෙසැ 30, 2018

    සුවසැරිය ගිලන් රථ සේවාව දැරණියගල ප්‍රදේශයේ ද දැන් ක්‍රියාත්මකයි.

    එක්සත් ජාතික පක්‍ෂ දැරණියගල ප්‍රධාන සංවිධායක රන්ජිත් පොල්ගම්පල මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා එය ආරම්භ කෙරිණ. පූර්ව රෝහල් ප්‍රතිකාරක සේවාවන්හි අවශ්‍යතාව හඳුනාගත් රජය ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළේය.

    ප්‍රථම අදියර, බස්නාහිර සහ දකුණ යන පළාත්වල ක්‍රියාත්මක කෙරිණ. 1990 අංකයට ලබාගන්නා හදිසි දුරකතන ඇමතුමකින් සුවසැරිය සේවාවේ සහය ලබාගත හැක.

    පුහුණු වෛද්‍ය තාක්‍ෂණික නිලධාරියෙකුගේ පූර්ව රෝහල් සත්කාරය යටතේ ගිලන් රථයකින් රෝගියා ළඟම රෝහල වෙත රැගෙන යනු ලබයි. මේ වනවිට සුවසැරිය සේවාව ලබාගෙන ඇති පිරිස ලක්‍ෂය ඉක්මවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News