බුදුදහම ව්‍යවස්ථාවට සිමානොවි රැකීමට සජිත්ගේ සුදානමක්

දෙසැ 30, 2018

    බුදු දහමට මුල් තැනදීම වචනයට පමණක් සීමාව ඇති ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනය ක්‍රියාවට නැංවීම තම අරමුණ බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    පළමුවත් දෙවනුවත් තෙවනුවත් සංස්කෘතිය ආගම දහම සුරකින ආකාරයට බුදු දහමේ උන්නතිය සඳහා කැප කිරීම් කරන බවද ඔහු අවධාරනය කලේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් බැහැ දැකිමන් පසුව අදහස් දක්වමින‍්ය.

    ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන සහ සංස්කෘතික ත්‍රිකෝණයෙන් සංරක්ෂණයන් මෙන්ම සංවර්ධන කටයුතු සංඝරත්නයේ අනුශාසනා පරිදි නිවැරදිව සිදු කිරීම තම බලාපොරොත්තු බව ඔහු පෙන්වා දුනී. පුරාවිද්‍යා බලප්‍රදේශ සහ සංස්කෘතික ත්‍රිකෝණයට අදාළ පූජනීය ස්ථාන සංරක්ෂණය සහ සංවර්ධනයට විදේශිකයන්ගෙන් ලැබෙන ආදායම මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව ලබා ගනී. එම මුදල් දේශීය ස්කෘතික ප්‍රවර්ධනයට සහ ඉපැරණි සාහිත්‍ය කලාව උදෙසා ක්‍රමානුකූලව, වංචා සහ දූෂණයෙන් තොරව යෙදවීමට තමන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

    සිගිරිය පෙන්වීමෙන් ලැබෙන ආදායමෙන් ‍ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීමෙන් පසුව වෙනත් දේ සඳහා මුදල් යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.
    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ, දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න සහ දඹුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක අනුර ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

    සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක කුඹුක් කඳන්වල නන්දවිමල නාහිමියන්ගේ දේහයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවසන් ගෞරව දැක්වීය. දඹුලු විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක්ද පැවැත්විණ.

    Last modified on ඉරිදා, 30 දෙසැම්බර් 2018 15:19

    Latest News