හේමසිරිට සහ පූජිතට එරෙහි පාස්කු ප්‍රහාර සම්බන්ධ නඩුව ඔක්තෝබර් 23 යළි කැඳවේ

ජූනි 17, 2020

    ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හල බවට සැක කෙරෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා

    .

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු අවසන් වී ඇති බව දැනුම් දුන්නා.

    ඒ අනුව පැමිණිල්ල නැවත ලබන කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු මේ වන විට මහාධිකරණයේ නියෝග මත ඇප මත මුදාහරිනු ලැබ සිටිනවා.

    Latest News