ගජමුතු 06 ක්‌ සමග අයෙකු අත්‌අඩංගුවට

ජූනි 16, 2020

    මිල කළ නොහැකි ගජමුතු 06 ක්‌ සමග අත්‌අඩංගුවට ගැනීමට අනුරාධපුර, පරසන්ගස්වැව පොලීසිය ඊයේ සමත්‌ වුණා.

    සැකකරු යතුරුපැදියකින්‌ ගමන්‌ කරමින්‌ සිටියදී පොලිස්‌ නිලධාරීන්‌ විසින්‌ ඔහුව පරීක්‍ෂා කරනු ලැබුවා. මේ පුද්ගලයා සම්බන්ධව තොරතුරද රැසක්‌ ලැබී තිබූ බවයි, පොලීසිය ප්‍රකාශ කළේ. ගජමුතු 06 තමාට ලබාදුන්නේ, ගල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු බව, සැකකරු පොලීසිය හමුවේ කියා සිටියා, එම පුද්ගලයා ද සොයා පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    Latest News