වාරියපොළ බන්ධනාගාරයට මත්කුඩු ගෙන ගිය සැකකරු අල්ලයි

ජූනි 15, 2020

    වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියන්ට ලබා දීම සඳහා මත්කුඩු රැගෙන ගිය සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    ජංගම දුරකතන පහක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් ද ඔහු ළඟ තිබී පොලිස් භාරයට ගැනිණ. ලැබුණු තොරතුරකට අනූව පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගනේවත්ත,දුම්රියපොළ හරස්මාර්ගයේදී. එහිදී සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ පොරබැදීමක දී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.

    අප වාර්තාකරු පවසන්නේ, සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මත්කුඩු හා අනෙකුත් උපකරණ වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියන් වෙත ලබාදීමට රැගෙන ගිය බවට හෙළි වී ඇති බවයි. සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News