කේරළ ගංජා කිලෝ 104 ක් සමඟ දෙදෙනෙක්ට මාංචු

ජූනි 13, 2020

    යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා කිලෝ 57කට අධික ප්‍රමාණයක් තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. එම පාර්සල් තුළ කේරළ ගංජා කිලෝ 57කට අධික ප්‍රමාණයක් තිබූ බවයි, නාවික හමුදාව පවසන්නේ.

    ගොඩබිම දෙසට පැමිණි ඩිංගි යාත්‍රාවක පිරිසක් ගෝනි තුල බහාලන ලද කිසියම් ද්‍රව්‍යයක් ගොඩබිමට රැගෙන එන ආකාරය නිරීක්‍ෂණය කර පසුව අදාල ස්ථානය වෙත මුර සංචාරයේ නිරත නාවික හමුදා සාමාජිකයින් ගමන් කරනවාත් සමඟ ගෝනි කිහිපයක් පමණක් වෙරළ තීරය තුල දමා ඩිංගි යාත්‍රාවේ සිටි පිරිස නැවත මුහුදට යාත්‍රා කර තිබේ.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව පලාගිය යාත්‍රාව සහ සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    පසුව මාදගල් ප්‍රදේශයේ දී එම පලා ගිය ඩිංගි යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනිණ.

    පසුව එම පුද්ගලයින්ගෙන් ලද තොරතුරු මත මුහුදේ අතහැර දමා තිබූ පාර්සල් 13ක ඇසුරුම් කරන ලද තවත් කේරළ ගංජා කිලෝ 46 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

    ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුමේදී ‍තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 104 කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනිණ.

    Latest News