දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය කල්යයි

ජූනි 09, 2020

    දහම් පාසල් ගුරු සහිතක පත්‍ර විභාගය ජූනි මස 20 වැනිදා නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙම විභාගය මෙවර දිවයිනේ සියලූම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ගුරු භවතුන් 16000 කට අධික ප්‍රමාණයක් අයදුම්පත් යොමු කර තිබේ. දහම් පාසල් ගුරු භවතුන්ගේ දැනුම්, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් මෙම විභාගය වාර්ෂිකව දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වනු ලබයි. 

    පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ වෙතින් ලබා දි ඇති උපදෙස් ක්‍රියාත්මක කළ යුතු බැවින් මෙම විභාගය වෙනත් සුදුසු දිනයක දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

    Latest News