විභාග රාජකාරීවල නිරත නිලධාරීන් ඉන්ධන ගැනීමට විශේෂ බලපත්‍ර ක්‍රමයක්

මැයි 23, 2022

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරිවල නිරත වන නිලධාරීන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් විභාග කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පුර්ණ සහය ලබා දෙන ලෙසය. 

    මේ අතර විභාග රාජකාරියේ නියැලෙන නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ඒ පිළිබඳව දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් දැනුවත් කර ඇති බවයි, එහි අ‌ලෙවි කළමනාකරු චමින්ද සමරකෝන් මහතා සඳහන් කළේ.

    Latest News