ළමුන් සඳහා පාසල් විවෘත කිරීම ජුලි 06 වැනිදා

ජූනි 09, 2020

    නියමු ව්‍යාපෘතියක් ලෙස ජුනි 29 වැනිදා සිට ජුලි 3 වැනිදා නැවත පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

    එම කාල සීමාව තුළ පාසල් වෙත පැමිණිය හැක්කේ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. පාසල් වාරය නැවත ආරම්භ කිරීමට සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

    අනතුරුව අදියර කිහිපයක් යටතේ ජුලි 6 වැනිදා දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීම සිදුකෙරේ. ඒ අනූව පළමු අදියර යටතේ පාසලට පැමිණිය හැක්කේ 13,11,5 ශිෂ්‍යත්වය පෙනී සිටින දරුවන්ට පමණයි. 6 සිට 17 දක්වා මෙම අදියර ක්‍රියාත්මක කෙරේ.

    ජුලි 20 වැනිදා සිට 10,12 ශ්‍රේණිවල දරුවන්ට පාසලට පැමිණිය හැකියි.

    අනතුරුව ජුලි 27 වැනිදා 3,4,6,7,8,9 දරුවන්ට පාසලට පැමිණිය හැකියි.

    එමෙන්ම උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝම්බර් 2වැනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කර තිබේ.

    අගෝස්තු 5වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 15:18

    Latest News